මෙරට ජනාධිපතිවරයා බවට පත්විය යුත්තේ ණය ගෙවිය හැකි රටක් ගොඩනැගීමේ ශක්තිය පවතින පුද්ගලයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසනවා.
මෙරටට ඇති ණය ගෙවිය හැක්කේ ආර්ථිකය දියුණු කිරීමෙන් පමණක් බවයි ඔහු පවසන්නේ.
බංකොළොත් සමාගම් මිලට ගෙන ඒවා දියුණු කිරීමෙන් තමා ඒ බව කළ හැකි නායකයෙකු බවට ඔප්පු කර ඇති බවත් තමාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කළ යුතු බවත් ධම්මික පෙරේරා මහතා මෙහිදී පවසා සිටියා.
ලංකාවේ විශාලතම පක්ෂය වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ දිනන අපේක්ෂකයෙකු බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.
මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව ඒ මහතා මේ බව කියා සිටියා.


