වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් පිළිමතලාව නගරයට ආසන්න ප්‍රදේශයකදී අද අලුයම රිය බිහිසුණු අනතුරකට ලක්ව තිබෙනවා.
එම රථය අධිබලැති විදුලි කණුවක වැදීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
එම අනතුරින් වෑන් රථයේ ගමන් කළ හත් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
පොලිසිය සඳහන් කළේ ඔවුන්ව ප්‍රතිකාර සඳහා පේරාදෙණිය සහ මහනුවර රෝහල් සඳහා ඇතුළත් කළ බවයි.
එම පිරිස වන්දනා ගමන ගොස් ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


