පවතින වැටුප් විෂමතාවලට විසඳුම් ඉල්ලමින් හෙට (22) සිට සති දෙකක් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තතීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගිය සිකුරාදා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරින් සමඟින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පැවැත්වුණා.
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් අවධාරණය කළේ පවතින වැටුප් විෂමතා ගැටලු සම්බන්ධයෙන් පිළිගත හැකි යෝජනා ඉදිරිපත් නොවූ බවයි.
එම නිසා මින් පෙර තීරණය කළ පරිදිම ලබන 22 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව උන්වහන්සේ අවධාරණය කර සිටිනවා.
ඒ සඳහාද රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් තම වෘත්තිය ක්‍රියා මාර්ග දැඩි කිරීමටත් සූදානම් බවට උන්වහන්සේ රජයට අනතුරු ඇඟවීමක්ද සිදු කළා.


