කරන්දෙනිය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවෙක් හික්කඩුව ගඟේ දියනැමට ගොස් දියේ ගිලි මිය ගොස් ඇති තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.
ඔහුගේ පියා සඳහන් කළේ දන්සැල්වලට යන බව ඔවුන්ට පවසා ඊයේ (20) සවස මිතුරන් සමඟ තම පුතා නිවසින් පිටව ගිය බවයි.
දිය නෑමට සඳහා 9 දෙනෙකු හික්කඩුව ගඟට ගොස් ඇති අතර ඉන් 5 දෙනෙකු දියේ ගිලී තිබුණි.
ඉන් 4 දෙනෙකු ප්‍රදේශවාසින් විසින් බේරා ගත් නමුත් සස්මික දියේ ගිලී අතුරුදන් වීම හේතුවෙන් ඔහුව බේරා ගැනීමට නොහැකි වී ඇත.
පොලීසිය පැවසුවේ අද (21) උදෑසන හික්කඩුව දුම්රිය පාලම අසල හික්කඩුව ගඟේ තිබිය දී සිසුවාගේ සිරුර හමුවූ බවයි.


