දකුණු අධිවේගයේ කොළඹ දෙසට වූ මාර්ගයේ මෝටර් රථ දෙකක් ගැටී ඇති බව පොලීසිය පවසනවා.
එම අනතුර සිදුව ඇත්තේ බද්දේගම සහ පින්නදූව අතර යි.
පොලීසිය පවසන්නේ, ඉන් 5 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
කොළඹ දෙසට ගමන් ගත් එක් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ආරක්ෂිත වැටේ වැදීමෙන් පසු ඊට පිටුපසින් පැමිණි තවත් මෝටර් රථයක් හා ගැටී තිබුණි.
තුවාල ලැබුවන් අතර වයස අවුරුදු 13ක දරුවෙකු සහ කාන්තාවන් දෙදෙනෙක් ද වෙයි.
මෙම අනතුර හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව සඳහන්.


