Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මවට හා දරු දෙදෙනාට දිවි අහිමි කළ ඛේදවාචකය

2 years ago

තිස්සමහාරාම කාවන්තිස්ස පුර ප්‍රදේශයේ පාළු ජලය පිරි ගල්වලක ගිලී මව සහ දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

තිස්සමහාරාම පොලීසිය පැවසුවේ මවගේ සිරුර ඊයේ (21) රාත්‍රියේම සොයාගත් බවයි.

අනතුරුව දරුවන් දෙදෙනාගේද සිරුරු සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි මව සහ 14 හැවිරිදි සහ 9 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකි.

ඊයේ පස්වරුවේ මව සහ දරුවන් දෙදෙනා මෙම ගල්වළේ දිය නෑමට ගොස් ඇති බව වාර්තා වේ.

පොලිසිය සැක පළ කරන්නේ දියේ ගිලීමෙන් මෙම මරණ සිදුවන්නට ඇති බවටයි.