Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්

2 years ago

පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලබා දුන් අපේක්ෂකයෙකුට මිද්දෙනිය, ජුලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඔහු සිය වෙළෙඳසැල වසා බිරිඳ සමග යතුරුපැදියෙන් නිවාස බලා ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

එහිදී පිරිමි පුද්ගලයාට වෙඩි වැදී ඇති අතර ඔහුගේ බිරිඳ ට තුවාල සිදුවී ඇත්තේ යතුරුපැදිය පෙරළීම හේතුවෙනි.

කෙසේ වෙතත් තුවාල ලැබූ ඔහු ඇඹිලිපිටිය රෝහලට ප්‍රථිකාර සඳහා ඇතුලත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ වෙඩික්කරු ගිනි අවියද එම ස්ථානයේම දමා පැනගොස් ඇති බවයි.

පොලිසිය සැක කරනු ලබන්නේ මෙම වෙඩි ප්‍රහාරය පෞද්ගලික ආරවුලක් මත සිදුවන්නට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.