Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොව අංක එකේ ව්‍යාපාරිකයා ලබන මස ශ්‍රී ලංකාවට

2 years ago

ලොව ප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් අගෝස්තු මස මෙරටට පැමිණිමට බොහෝ දුරට හැකියාව ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මධුශංක දිසානායක පවසනවා.

ඒ ශ්‍රී ලංකාව තුළ ඔහුගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ආරම්භ කිරීම සඳහාය.

ශ‍්‍රී ලංකාවේ මෙම අන්තර්ජාල පහසුකම් සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් මේ වන විටත් අනුමැතිය ලබාදී තිබේ.

ස්ටාර්ලින්ක් මෙහෙයුම් සඳහා අවශ්‍ය නීති රීති මේ වන විට කඩිනමින් සකස් කරමින් පවතී.