Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනුර කුමාර හා ජපාන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

2 years ago

ජපානයේ සංචාරයේ නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ එරට විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය TSUGE Yoshifumi අතර හමුවක් පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව මෙන්ම දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳවත් රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතාවන්හි ඉදිරි පියවර සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බව සඳහන්.

එහිදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා හා අනුර කුමාර දිසානායක මහතා අතර හමුව එරට විදේශ අමාත්‍යංශයේදී පවත්වා තිබේ.