පොලිස් නිලධාරීන් හා පොලිසියේ සම්පත් මැතිවරණ ප්රචාරක ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගී මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ජනාධිපතිවරයා ප්‍රධානත්වය දරමින් පවත්වන වැඩමුලුවක් සඳහා යැයි පවසමින් ප්‍රජා පොලිස් උපදේශක කමිටු සාමාජිකයින් දිස්ත්‍රික් මට්ටමින් මැතිවරණ ප්‍රචාරණ උපක්‍රම ලෙස පවත්වන වැඩසටහන් සඳහා සංවිධානය කරමින් සිටින බව පවසමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය
.දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන මෙම වැඩසටහන් මාලාවේ ඉදිරි වැඩසටහන් නුවරඑළිය, රත්නපුර, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ඉදිරි දින වලදී පැවැත්වීමට නියමිත බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයාට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි සහ මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


