Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලුම ගුරුවරුන්ට වැටුප් වර්ධක පිළිබඳව සුබ ආරංචියක්

2 years ago

ආර්ථික දුෂ්කරතා හමුවේ වුවත් ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් ගුරු පත්වීම් 16,000ක ප්‍රමාණයක් ලබා දෙමින් ගුරු හිඟයට විසඳුම් ලබාදීමට රජය සමත්වූ බව අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදි අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රජය විසින් මෙරට පාසල් දරුවන් වෙනුවෙන් 2025 වර්ශයට අදාළ පාසල් නිල ඇඳුම් සැපයීම 100%ක් සිදුකරන බවත් 2025 වර්ශයට අදාල පාසල් පෙලපොත් ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බවයි.

ප්‍රධාන පෙලේ ජාතික පාසල් හැරුණු විට සෙසු සියළු පාසල් සඳහා දිවා ආහාරය ලබා දීමට කටයුතු කර ඇතැයිද මේ තුළින් ලක්ෂ 17ක සිසු දරුවන් ප්‍රමාණයක් ප්‍රතිලාභ ලබන බවත් අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු වෘත්තිය ගැටලු ආශ්‍රිත කරුනු දෙකක් සඳහා විසඳුම් ලබා දීමට රජය කටයුතු කරන බවත් ගුරු වෘත්තිය ගැටළු පිලිබඳ සමාලෝචනයක් සිදුකර එය නිරාකරණය කිරීමට නියමිත බවත් වැටුප් වර්ධක ප්‍රමාදයකින් තොරව ලබාදීමේ හැකියාව ද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරිය එකඟවූ පරිදි එළැඹෙන බදාදා දින වන විට අදාළ නියෝග ලිපි අමාත්‍යාංශයට ලැබීමෙන් අනතුරුව පළාත් බලධාරීන් වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසනවා.