Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැටුප් ඉහළ දැමීමේ පනතට කැබිනට් අනුමැතිය හිමිවෙයි

2 years ago

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වේතනය 17,500 දක්වාත්, ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 දක්වාත් වැඩි කිරීමට හැකි වන පරිදි 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම සංශෝධනය වේතනය කිරීම පනත පිණිස 2024-03-25 දිනැති පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බව සඳහන්.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.