Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති ජීවන් තොණ්ඩමන්ව අත්අඩංගුවට ගතහොත් නුවරඑළිය වටලන බවට අනතුරු ඇඟවීමක්

2 years ago

ඉකුත් මැයි මස 30 වන පීඩා වතුයායට අනිසි ලෙස ඇතුල් වී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ඊයේ (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් තීන්දු කරනු ලැබුවා.

එම තීන්දුවට විරෝධිය පාමින් ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන වතු සේවක එකමුතුව අද (23) වැඩ ර්වජනයක නියලී සිටින බව වතු සේවක වෘත්තිය සමිති නියෝජිතයන් අනතුරු අඟවනවා.

මෙම වැඩ වර්ජනය සිදුවීම සම්බන්ධව ආන්දෝලනයට තුඩු දුන් කැලණි වැලි වතු සමාගමට අයත් පීඩෘ වතුයාය, මා ගස්තොට ඉහල වතුයාය, මාගස්තොට පහල වතුයාය, ස්කූබ් වතුයාය, නේස්බි වතුයායා, මුම්ප්ලේන් වතුයාය ඇතුළු වතු හතක වැඩ වර්ජනය ක්‍රියාත්මක වුණා.

වැඩ වර්ජනයට සහයෝගය දක්වමින් තේ දළු නෙලන වෘත්තිකයන්, කිරුම් මිනුම් සිදු කරන වෘත්තිකයන් ඇතුළු සුළු සේවකයන් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් අද (23) සේවයට වාර්තා කර නොමැති බව වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළා.