Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොරෝනා සමයේ ආදාහනය කළ පුද්ගලයින් 276 දෙනෙකුගේ පවුල්වලින් රජය සමාව ඉල්ලයි

2 years ago

කොරෝනා වෛරසය වැළදී මිය යාමෙන් අනතුරුව ආදහනය කළ පුද්ගලයින් 276 දෙදෙනා වෙනුවෙන් සමාව අයැද සිටීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ පත්‍රිකාව අලි සබ්රි, ජීවන් තොණ්ඩමන් සහ විජයදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.

මේ අතර කොව්ඩ් සමයේදී මුස්ලිම් ජනතාවගේ දේහ ආදාහනයට නියෝග පැනවීමෙන් සිදුවූ අපහසුතාව  ගැන ඉස්ලාම් ජනතාවගෙන් තමා සමාව ඉල්ලා සිටින බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.