ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ පරිගණක විද්‍යා අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවකු සිය දිවි නසා ගෙන තිබෙනවා.
කඩුගන්නාව ප්‍රදේශයේ ගිරාගම පිහිටි සිය නිවස ආසන්නයේ තේ වත්තක ඇති ගසක එල්ලී ඔහු මෙසේ සිය දිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස සිය දිවි හානි කර ගෙන ඇත්තේ වයස අවුරුදු 22ක් වන තරුණයෙක්.
සිද්ධිය වීමට පෙර දින රාත්‍රී එකොළහට පමණ දෙමාපියන් සිසුවාගේ කාමරය බැලීමේදී ඔහු එහි සිට නොමැති අතර පසුව ඔහුගේ වැඩිමහල් සොයුරා මේ පිළිබඳව කඩුගන්නාව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව සිදු කළ සෝදිසි කිරීම්වලදී තේ වත්තේ ගසක එල්ලෙමින් තිබූ සිසුවාගේ මළසිරුර සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.


