Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තුන් හැවිරිදි දරුවාගේ කකුලක් රෝදයට යට කරමින් වීඩියෝ කළ නරුමා පියා අත්අඩංගුවට

2 years ago

ඇල්පිටිය අනුරුද්ධගම කරන්දෙණිය ප්‍රදේශයේදී අවුරුදු 03 යි මාස 06ක් වයසැති සිය පුතාව කෲරත්වයට පත් කිරීමේ චෝදනාව මත 24 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

118 කෙටි පණිවිඩ මධ්‍යස්ථානයෙන් ඇල්පිටිය පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර දරුවාගේ පියා ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන කරන්දෙණිය, අනුරුද්ධගම ප්‍රදේශයේ පදිංචි අරක්කැමිවරයෙකි.

සැකකරුගේ වයස අවරුදු 24 ක් වන බිරිඳ රැකියාවක් සඳහා විදේශගතව ඇති අතර සැකකරු සහ මෙම දරුවා පමණක් නිවසේ සිටී.

සැකකරු විසින් දරුවාගේ අත් ඔසවා බිම දණ ගස්වා දරුවා විසින් ආහාර ඉල්ලා සිටීමේදී පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවත්, දරුවාගේ එක් පාදයක් පාපැදියක ඉදිරිපස රෝදයට යට කරමින් කෲරත්වයට පත් කර ඇත.

මෙම සැකකාර පියා මෙලෙස දරුවා කෲරත්වයට පත්කිරීම් වීඩියෝගත කර විදෙස්ගත දරුවාගේ මවට යොමු කිරීමට කටයුතු කර ඇති බවටත් සිදුකරන ලද විර්මශනයේදී අනාවරණය වී ඇත.

ඇල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.