ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ හමුවක් අද (26) දිනයේදී අතුරුගිරියේ පිහිටි නිදහස් පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයේ පැවැත්වූවා.
ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂද සහභාගි විය.
කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන මෙම හමුවට සහභාගි වූ ආකාරය කාගේත් අවධානය දිනා ගැනීමට සමත් වුණා.
රජයේ නිල වාහන භාවිතා කරමින් ගමන් බිමන් යන ඔහු අද පැවති හමුවට පැමිණියේ සාමාන්‍ය මගී ප්‍රවාහන ත්‍රීරෝද රථයකින්.
එහිදී මේ පිළිබඳව මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසූ අතර, ඔහු සඳහන් කළේ මැතිවරණ නීති ක්‍රියාත්මක වී තිබෙන හෙයින් එම නීතිවලට ගරු කරමින් රජයේ වාහන භාවිතා නොකර තමා මෙලෙස ත්‍රිරෝද රථයකින් පැමිණි බවයි.
එමෙන්ම, ඔහු සඳහන් කළේ මැතිවරණ නීති සඳහා සියල්ලන්ම අවනත වීම යහපත් ක්‍රියාවක්ද වන බවයි.


