ලොව පුරා වාර්තාගත අයුරින් උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් ‘අධික තාප වසංගතයක්’ අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස් පවසනවා.
ඔහු ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ දේශගුණික විපර්යාස විසඳීමට පියවර ගන්නා ලෙසයි.
දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා ජනතාව පෙර නොවූ විරූ අයුරින් ඉහළ උෂ්ණත්වයකට මුහුණ දෙමින් සිටින බවත්, එය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බවත් ඔහු සඳහන් කරනවා.
පොසිල ඉන්ධන භාවිතයෙන් මිදෙන තුරු මෙම තත්ත්වයෙන් මිදිය නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.


