Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිට්ටඹුවේ බිහිසුණු රිය අනතුරක්

2 years ago

නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් අද (27) උදෑසන නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේදී මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

නිට්ටඹුව පොලිසියේ සඳහන් කලේ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමේදී ඔහු මිය ගොස් තිබෙන බවයි

එලෙස මියගොස් ඇත්තේ කලටුවාව, කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් වෙන අතර අනතුරක් සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.