Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

election

මැතිවරණ කොමිෂන් සභාවෙන් ඡන්ද දායකයින්ට විශේෂ දැනුම්දීමක්

2 years ago

එළැඹෙන ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින්ට තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව සුදුසුකම්ලත් ඡන්ද දායකයින්ට තමන්ට නියමිත ස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීම පිළිබඳ සාධාරණ හේතුවක් ඇත්නම් විකල්ප ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉල්ලීමක් කළ හැකි බවයි ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව අවධාරණය කළේ.

ඒ සඳහා වන ආකෘති පත්‍ර ලබන මස 01 වනදා හෝ ඊට පෙර මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකළ යුතු වේ.