පාන් මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී.අයි.උඩුවර මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ පාන් මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය බවයි.
පාන් මිල සම්බන්ධයෙන් දැනගැනීමට පාරිභෝගිකයින්ට අයිතියක් තිබෙන බවත් ඒ අනුව අඩු කළ මිල අනිවාර්යෙන්ම වෙළඳසැලේ ප්‍රදර්ශනය කළ යුතු බවත් උඩුවර මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් අද (27) සිට දීප ව්‍යාප්තව වැටලීම් ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.
පසුගියදා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කළේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කරන බවයි.


