Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බලපෑම් ඉවසා ගත නොහැකිව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

2 years ago

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී. අතළුවගේ මහතා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර තිබෙනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුවත් කළ බවයි අතළුවගේ මහතා සඳහන් කළේ.

පසුගිය කාලසීමාව තුළ මාර්ග සංවර්ධන අධිකාරියේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්තනෝමතික මැදිහත්වීම හා අනිසි බලපෑම් හේතුවෙන් එම තීරණය ගත් බව අතළුවගේ මහතා පැවසීය.

කෙසේවෙතත් දිගින් දිගටම මෙවැනි අත්තනෝමතික ක්‍රියා සිදුකරනු ලබන නිලධාරියෙකු යටතේ සේවය කිරීමට ඇති අකමැත්ත මත ඊයේ(27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව ඔහුගේ ලිපියේ සඳහන්.