Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෝටිපති ඇමෙරිකානුවා කැලිෆෝනියාවේ සරණ හිමි නමින් ලංකාවේදී සසුන්ගත වෙයි

2 years ago

ඇමරිකාවේ කැලිෆෝනියාවේ ප්‍රකට දානපති ඉංජිනේරුවෙකු වූ ජොහාන්ස් ලූඩෝස් කැලිෆෝනියාවේ සරණ හිමි නමින් කරන්දෙණිය ගලගොඩ ශෛලතලාරාමයේදී සසුන්ගත වී තිබෙනවා.

ගලගොඩ ශෛලතලාරාමාධිපති කුඩුමීරියේ සෝමිස්සර හිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක් වශයෙන් ඔහු සසුන්ගත වී තිබෙනවා.

සරණ හිමියන් සඳහන් කරන්නේ තමා ගිහිකල ඉංජිනේරුවකු ලෙස මෙන්ම ව්‍යාපාරිකයක් ලෙස මිලියන ගණනක මුදලක් රැස් කරගෙන සිටියද තමා ඒ කිසිවකින් සෑහීමකට පත් නොවූ බවයි.

තමා ඒ සෙවූ සතුට බුදු දහම තුළින් ලැබූ බව උන්වහන්සේ වැඩිදුරටත් පවසනවා.

සිය සසුන්ගත වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැලිෆෝනියාවේ සරණ හිමියන් පවසන්නේ බුදුදහම ගැන දීර්ඝ අධ්‍යනයකින් පසු තමා බුදුදහම වැළඳ ගෙන සසුන් ගතවීමට තීරණය කළ බවයි.