වතු සේවකයින්ගේ දෛනික වැටුප වැඩි කිරීමට අදාළව නිකුත් කර තිබු ගැසට් පත්‍රය අවලංගු කිරිමට එරෙහිව හැටන් නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුණි.
දමිල ප්‍රගතිශිලි සන්ධානය විසින් එම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම්ද සහභාගී වී සිටියේය.
මෙම විරෝධතාවයට සහාය පළ කරමින් වෙළඳසැල් හා රථවාහනවල කළු කොඩි ඔසවා තිබූ බවයි වාර්තා වන්නේ.
උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස් චෝදනා කළේ වතු කම්කරු වැටුප වැඩිකළ ගැසට් නිවේදනය අවලංගු කිරීම හරහා රජය වතුසේවක ප්‍රජාව මුලාවට ලක් කළ බවය.


