Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හබරාදූවේ වෙඩි තැබීමක්! දෙදෙනෙක් රෝහලට!

2 years ago

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු හබරාදූව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස වෙඩි තබා ඇත්තේ හබරාදූව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකුටවන අතර ඔහු ඉන් බේරීම සඳහා අසළ තිබූ ත්‍රීරෝද රථයකට ගොඩ වූ අවස්තාවේදී එහි සිටි 49 හැවිරිදි රියදුරුටද වෙඩි වැදී තිබෙනවා.

හබරාදූව පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂක ක්‍රියාත්මක කරන බවයි.