Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විද්‍යාපීඨ සිසුන්ට සුබ ආරංචියක්! මාසික දීමනාව ඉහළට!

2 years ago

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව ලබන මාසයේ සිට රුපියල් අටදහසක් දක්වා වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

සීමා වාසික පුහුණුව ලබන සහ මේ වන විට දෙවැනි වසරේ සිටින සිසුන්ට වැඩි කළ දීමනාව අගෝස්තු මාසයේ සිට ලබාදීමට නියමිතය.

එමෙන්ම නවක සිසුන් සඳහා සැප්තැම්බර් මාසයේ සිට එම දීමනාව ගෙවීමට සැලසුම් කර ඇති බව සඳහන්.

මින් පෙර විද්‍යාපීඨ සිසුන් සඳහා ලබා දුන්නේ රුපියල් 5000ක දීමනාවකි.

එම දීමනාව ප්‍රමාණවත් නොවන බවට දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයට කළ දැනුවත් කිරීම් මත දීමනාව රුපියල් තුන්දහසකින් ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය වසර මුලදී තීරණයක් ගෙන තිබුණි.

නමුත් අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම තීරණය ක්‍රියාත්මක කිරීම මාස කිහිපයක් ප්‍රමාද විය.