Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හත් හැවිරිදි දරුවෙක් පිහිනුම් තටාකයක ගිලී මරුට! මල්ලිව බේරගන්න ගිය අයියටත් බරපතලයි!

2 years ago

මහනුවර ලුවි පීරිස් මාවතේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී වයස අවුරුදු 07ක පිරිමි දරුවෙක් මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වැරැල්ලගම කුරුදුගොල්ල ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

මෙම දරුවන් දෙදෙනා සහ දෙමාපියන් නිවාඩුව ගත කිරීම සඳහා ඊයේ(28) දින එම හෝටලයට පැමිණ තිබෙනවා.

සිය බාල සහෝදරයා දියේ ගිලී සිටිනු දැක වැඩිමහල් සහෝදරයද පිහිනුම් තටාකයට පැන තම බාල සහෝදයා බේරා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී වැඩිමහල් සහෝදරයාද දියේ ගිලී ඇති අතර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.

බරපතල තත්ත්වයෙන් පසු වූ බාල සහෝදරයා රෝහල කරා රැගෙන යන විටද මියගොස් සිට ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.