පාසල් ගොඩනැගිල්ලක වහලයේ තිබූ බඹර කූඩයක කොටසක් කඩා වැටීමෙන් එම විද්‍යාලයේ ළමුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
කින්නියා පොලිස් වසමේ කින්නියා අල් අක්ෂා පිරිමි විද්‍යාලයේ සිසුන් පිරිසක් අද (30) උදෑසන මෙසේ බඹර ප්‍රහාරයකට ගොදුරු වී තිබුණා.
එහිදී වයස අවුරුදු 10ත් 15ත් අතර ළමුන් 42ක් පමණ තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පවසන්නේ තුවාල ලැබූ ළමුන් කින්නියා රෝහලට ඇතුළු කළ බවයි.


