පසුගිය මැතිවරණවලදී සිදුකළ අයුරින්ම ඉදිරි ජනාධිපතිවරණයේදීද හොර ක්‍රියා මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
මේ අතර මැතිවරණ දූෂණ වැළැක්වීම සඳහා පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් වසර පහෙන් පහට වෙනස් කිරීම වැදගත් බව කොමිසම සඳහන් කරයි.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.
පසුගිය කාලයේදී මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සුලභව පැවතුණු ප්‍රදේශ විස්සක් පමණ හඳුනාගෙන ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී එම ප්‍රදේශවලට වැඩි ආරක්ෂකක් සැලසීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.
මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යංශය ලේකම්වරයා පසුගියදාමය ඇතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබුණේ ජනාධිපතිවරණයට අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබාදෙන බවයි.


