Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලුම මාධ්‍ය ප්‍රධානීන් මැතිවරණ කොමිසමට කැඳවයි

2 years ago

සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් ලබන සඳුදා (05) මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.

ඒ, ඉදිරි ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපෙදස් ලබා දීම සඳහායි.

මේ අතර මැතිවරණ රාජකාරී කටයුතු සඳහා අවශ්‍ය පොලිස් නිලධාරින් පිළිබඳව තොරතුරු වාර්තා සකස් කිරීමට මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිළධාරීන් පනස් දහසක් පමණ යෙදවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

‍මෙයට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද සැලකිය යුතු පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.