Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැදපෙරදිග යුද උණුසුම මැද ලාංකිකයින් 35,000ක් අවදානමක! ගෙන්වා ගැනීමට ඩොලර් මිලියන 5ක් වෙන් කරයි!

2 years ago

මැදපෙරදිග ගැටුම් වර්ධනය වුනොත් සියලු ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමට විශේෂ වැඩ පිළිවෙලක් සූදානම් කර තිබෙන බවත්, ඒ සඳහා ඩොලර් මිලියන 05 කට වැඩි මුදලක් මේ වනවිට වෙන් කර අවසන් බවත් කම්කරු හා විදේශ රැකියා අමත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගන්න තුරු ආරක්ෂිත ස්ථාන වල තබමින් ඔවුනට අවශ්‍ය සියලු පහසුම් ලබා දීමට සැලසුම් සුදානම් කර තිබෙන බවත්, මැදපෙරදිග කලාපයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳව රජයක් ලෙස නිරන්තරයෙන් සැළකිලිමත් වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මේ වන විට ඊශ්‍රායලයේ පමණක් ශ්‍රී ලාංකිකයින් 12,000 කට වැඩි පිරිසක්, ජෝර්දානයේ 15,000 කට වඩා වැඩි පිරිසක්, ලෙබනන් රාජ්‍යයේ 7,500 ක පමණ පිරිසක් හා ඊජිප්තුවේ 500 ක පමණ පිරිසක් රැකියාවල නිරත වී සිටී.

මුහුදෙන්, ගොඩබිමෙන් හෝ ඕනෑම ආකාරයකින් හැකි ඉක්මනින් ඔවුන් ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. ඒ සඳහා ජනාධිපතිවරයා වෙනම කමිටුවක් ද පත් කර තිබේ.

මැදපෙරදිග ගැටුම් වර්ධනය වුවහොත් මෙරටට ඩොලර් නොමැති වීමේ අවදානමක් පවතින බවද අමාත්‍යවරයා අවධාරණය කරනවා.