Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුවේට්හිදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ජනප්‍රිය ගායක ගායිකාවන් ඇතුළු පිරිස නිදහස් කරයි

2 years ago

කුවෙට්හි දී පසුගිය 2 වනදා අත්අඩංගුවට ගත් ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ජොලි සීයා සහ උපේකා නිර්මාණි ඇතුළු ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 26 දෙනාගෙන් 24 දෙනෙකු නිදහස් කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ තවමත් සංවිධායකයින් දෙදෙනකු පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි.

එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස ඊයේ (03) රාත්‍රී කාලයේ නිදහස් කර ගෙන තිබෙනවා.

‘එතෙර අපි’ නැමැති සංවිධානය මගින් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් සඳහා සහභාගී වූ අවස්ථාවේ 26 දෙනෙකු පසුගිය 2 වනදා කුවෙට් පොලීසිය මගින් අත්අඩංගුව ගෙන තිබුණි.

එලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙනි.