Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් රථ දෙකක් එකිනෙක ගැටී 22ක් රෝහලට

2 years ago

පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී ඊයේ(03) සිදු වූ අනතුරකින් පුද්ගලයින් 22ක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහ ඔය රෝහලට ඇතුළත් කර තිබේ.

මහඔය – අරලගංවිල මාර්ගයේ එම්.ඩී.කේ වැවට හැරෙන හන්දිය ආසන්න ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මහ ඔය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් පුද්ගලික බස් රථයක ගැටී එම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර පිරිස අතර ළමුන් අට දෙනෙකු සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් එක් බස් රථයක රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.