Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩයනාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරයි

2 years ago

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම විසින් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තීන්දු කළා.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුන්ගේ එකඟත්වය මත නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.