Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වීසා නිකුත් කිරීම ගැන දැනුම් දීමක්

2 years ago

මෙරට වීසා නිකුත් කිරීම පිළිබඳව උද්ගතව ඇති ගැටලුකාරී තත්වය හේතුවෙන් ගුවන් තොටුපළට පැමිණි පසු නිකුත් කරන වීසා (ඔන් එරයිවල් වීසා) පමණක් නිකුත් කිරීමේ හැකියාව ඇති බවත් අධිකරණ තීන්දුව අධ්‍යනය කර ඉදිරි පියවර ගැනීමට නියමිතව ඇති බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ වීසා නිකුත් කිරීම විදේශ සමාගම් හරහා ක්‍රියත්මක කිරීම බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පැනවීමත් සමඟ වීසා නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවත් වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමයක් නොමැති බවත් ඒ මහතා කීය.

දින 30 ක් පමණක් වලංගු, ගුවන් තොටුපළට පැමිණි පසු නිකුත් කරන වීසා පමණක් නිකුත් කිරීමේ හැකියාව ඇති බවත් තහනමට ලක්වූ නව වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය තුළන් වීසා වර්ග 17 ක් නිකුත් කළ බවත් ගුණතිලක මහතා සඳහන් කළේය.