බංග්ලාදේශයේ විරෝධතා අතරතුර විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තුව අත්පත් කරගෙන තිබෙනවා.
එමෙන්ම අගමැතිවරියගේ පක්ෂ කාර්යාලයටද විරෝධතාකරුවන් ගිනි තබා ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය ධූරයෙන් ඉල්ලා අස් වූ එරට අගමැතිනි ශෙයික් හසීනා ඉන්දියාවට පලා ගොස් ඇති බවයි.
එමෙන්ම, බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පිහිටුවන බව බංග්ලාදේශ හමුදා ප්‍රධානියා වන වේකර් උස් සමාන් නිවේදනයක් කළා.
මේ අතර ඩකාහි ඇති වූ නොසන්සුන්තාවයන් හේතුවෙන් ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැය හයකට වසා දමා ඇති බව එරට හමුදාව පවසනවා.


