ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය නොදී අමාත්‍ය ධූර දරන අය එම අමාත්‍ය ධුරවලින් ඉවත් වෙතැයි තමන් බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයේ නාම යෝජනා ලබාදීමට ඇති එළැඹෙන 15 වැනිදා වන විට ආණ්ඩුවේ බොහෝ අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට සහය පළ කරනු ඇති බවයි.
කෙසේ වෙතත් ඉදිරියේදී තවත් පිරිසක් ජනාධිපතිවරයාට සහය දැක්වීමට පැමිණිය හැකි බවත් අවසානයේ පක්ෂ ලේක්ම්වරයා පමණක් පොදුජන පෙරමුණේ ඉතිරි විය හැකි බවත් ඔහු කියා සිටියා.
මේ අතර දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ නාමල් රාජපක්ෂ පාර්ශවය නියෝජනය කරන අමාත්‍යවරුන් ඉදිරි දින කිහිපයේදී සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමේ සූදානමකින් පසුවන බවයි.


