මෙරට ජනප්‍රිය නළුවෙකු සහ රූපවාහිනී නිවේදකයෙකුගේ බිරිඳ බව කියන කාන්තාවක් මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෛද්‍යවරියක බව පවසන 37 හැවිරිදි මෙම කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි වාර්තා වන්නේ.
ඇය ඊයේ (05) ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම මූල්‍ය වංචා පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇයට ගුවන් ගමන් තහනමක් පනවා ඇති බවයි වාර්තා වන්නේ.
ඇය ගුවන්තොටුපොළ පොලිසිය විසින් කොල්ලුපිටිය පොලිසිය වෙත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා භාර දී තිබෙනවා.


