ඊශ්‍රායලයේ පවතින අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ විදේශ සේවා අධිකාරිය ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංක්‍රමණික ශ්‍රමිකයින්ට හදිසි අවස්ථාවකදී සම්බන්ධ කර ගැනීමට ඊශ්‍රායල බලධාරීන්ගේ මාර්ගෝපදේශ සහ ක්ෂණික ඇමතුම් දුරකථන අංක කිහිපයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම දුරකථන අංක පැහැදිලිව සටහන් කරගනිමින් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් පමණක් අදාල දුරකථන අංකයන්ට හා තානාපති කාර්යාල අමතන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා අධිකාරිය සඳහන් කර ඇත්තේ.
කිසියම් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට පහත සඳහන් දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබාගත හැකියි.
එම්. එච්. එම්. එන්. බණ්ඩාර -තානාපති
වට්ස්ඇප් අංකය – +9471 664 0560
ඊ. ආර්. එම්. එස්. එච්. ඒකනායක – නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි
වට්ස්ඇප් අංකය – +9471 844 7305
වයි. සී. නිල්මිණි අබේගුණවර්ධන – උපදේශක
වට්ස්ඇප් අංකය – +9471 683 3513
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බන්ඩාර මහතා ප්‍රකාශ කළේ, මේ වන විට ශ්‍රී ලංකිකයින් 11,000ක් පමණ ඊශ්‍රායලයේ සේවය කරන බවයි.
මේ අතර ඉරාන ප්රහාරයක වේලාව සහ ස්වභාවය අපැහැදිලි වූවත් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සිය G7 සගයන්ට පවසා ඇත්තේ ඉදිරි පැය 24 සිට 48 දක්වා කාලය තුළ, ඊශ්‍රායලයට පහර දිය හැකි බවයි.


