වවුනියාව, නෙළුකුලම් ප්‍රදේශයේ ළිඳක තිබී ගුරුවරයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඒ අසළින් ගිය පුද්ගලයෙක් විසින් ලබාදුන් තොරතුරකට අනුව අද පෙරවරුවේ මෙම මළ සිරුර සොයාගත් බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වව්නියාව, වෙප්පන්කුලම වවුනියාව මුස්ලිම් මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඉගැන්වීම් සිදු කළ තරුණ ගුරුවරයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
අද උදෑසන ළිඳ අසලින් ගමන් කළ පුද්ගලයෙකු ලබා දුන් තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්.
මළ සිරුර ගොඩගත් ළිඳ අසළ තිබී ගුරුවරයාගේ පාපැදිය, පාවහන් සහ කුඩය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නෙළුම්කුලම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


