Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අතුරුදන්ව සිටි දුම්රිය සේවකයාගේ සිරුර හමුවෙයි

2 years ago

දෙමටගොඩ දුම්රිය අංගනයේ අතුරුදන් වූ සේවකයාගේ සිරුර අනාරක්ෂිත ළිඳක තිබී සොයා ගෙන තිබෙනවා.

එම අංගනයේ සේවය කළ කාර්මික ශිල්පියෙක් ඊයේ (05) අලුයම 1.30 පමණ සිට අතුරුදන්ව තිබූණි.

එලෙස අතුරුදන් වී තිබුණේ මාතර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු සමග සේවයේ නියුතු සෙසු පිරිස කළ සෝදිසි කිරීමේදී ඔහුගේ බවට සැක කෙරෙන මුදල් පසුම්බියක්, ජංගම දුරකථනයක් සහ පාවහන් යුගලක් දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ළිඳක් ආසන්නයේ තිබී සොයා ගැනුණා.

ඒ අනුව පොලිස් නාවික කොට්ඨාසයේ කිමිදුම්කරුවන් ඊයේ රාත්‍රියේ ඔහු සොයා එම ළිදෙහි පරීක්ෂා කිරීම් සිදුකළත් ඔහුගේ සිරුර සොයා ගැනීමට හැකිවූයේ නැහැ.

ඒ අනුව අද(06) දිනයේ සිදුකළ සෝදිසිකිරීම් අතරතුර ඒ ආසන්නයේම පිහිටි තවත් ළිඳක තිබී මළ සිරුර සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම සමත්ව තිබෙනවා.