Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස අයට අලුත් නවාතැන්

2 years ago

පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ප්‍රතිස්ථාපනය කිරීම යටතේ කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින නිවාස සංකීර්ණයේ එම පවුල් සඳහා ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැති ලැබී තිබෙනවා.

ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අවසර ලැබී ඇති.

පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කොටසෙහි දුම්රිය රක්ෂිතයේ පදිංචිකරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් වසර 30කට අධික කාලයක් දුම්රිය රක්ෂිතයේ අනාරක්ෂිත ලෙස අනවසරයෙන් ජීවත් වන අතර, ඔවුන්ගෙන් පවුල් 350ක් පමණ මෙලෙස නැවත පදිංචි කිරීම සඳහා හඳුනා ගනු ලැබ ඇති බව සඳහන්.

කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ දේශීය අරමුදල් යොදා ගනිමින් මාළිගාවත්ත ලොකෝ මංසන්ධියේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ග රක්ෂිතය තුළ වූ අනවසර පදිංචිකරුවන් ප්‍රතිස්ථාපනය කරනු ලබන අතර, මේ වන විට කිරුළපන දුම්රිය ස්ථානය දක්වා වන කොටසේ අනවසර පදිංචිකරුවන් ප්‍රතිස්ථාපන කටයුතු අවසන් කර තිබෙනවා.