Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආණමඩුවේ පාසලක සංගීත කාමරය ගිනි ගනී! සැකපිට 8 ශ්‍රේණියේ සිසුවෙකුගෙන් ප්‍රශ්න කරයි!

2 years ago

ආණමඩුව ප්‍රදේශයේ විදුහලක සංගීත කාමරයක් ගිනි තබා විනාශ කර ඇති බව ආණමඩුව පොලිසිය පවසනවා.

පසුගිය 04 වනදා මෙම විදුහලේ සංගීත ඒකකය ගිනි ගැනීමකින් විනාශ වී තිබූණි.

එය අනෙක් ගොඩනැගිලි වෙත පැතිර යාම වැළැක්වීම සඳහා විදුහල්පතිවරයා සහ ගුරුවරුන් පිරිසක් සමත්ව තිබුණා.

අදාළ ගිනි ගැනීම විදුලි කාන්දුවක්ද නැතහොත් ගිනි තැබීමක්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේම 8වන ශ්‍රේණියේ සිසුවෙකුගෙන් පොලීසිය ප්‍රශ්න කරමින් සිටින බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිසිය සදහන් කළේ.