Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගම්පහ වෙඩි තැබීම් ද්විත්වයක්

2 years ago

ගම්පහ  තම්මිට ප්‍රදේශයේ දී සහ ජාඇල මාකේවිට ප්‍රදේශවල ඊයේ(06) රාත්‍රී කාලයේ වෙඩි තැබීම් ද්විත්වයක් සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ එම වෙඩි තැබීම්වලින් දෙදෙනකු තුවාල ලබා ඇති බවයි.

තම්මිට ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි 29 හැවිරිදි තරුණයෙකුට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලාගොස් ඇති බව ගම්පහ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. 

වෙඩි තැබීමෙන් එම පුද්ගලයාගේ අතකට වෙඩි වැදී ඇති අතර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇත. 

මේ අතර ජාඇල මාකේවිට ප්‍රදේශයේ දී තවත් වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි. 

මෙම වෙඩි තැබීම් ද්විත්වය සම්බන්ධයෙන්ම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.