මෙතෙක් බටහිර වෛද්‍ය ක්ෂේත්රයේ නිරත වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසනවා.
වසර 18කට වැඩි කාලයක් තිස්සේ අවස්ථා ගණනාවක දී ආයුර්වේද වෛද්‍යවරුන් එම ඉල්ලීම සිදු කරමින් සිටි බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා එම ඉල්ලීම යතාර්ථයක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත්වීම සම්බන්ධයෙන් ස්තුති කරන බව ද සඳහන් කළා.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.
වසර 18ක් පුරාවට ආයුර්වේද වෛද්‍යවරුන් ඉදිරිපත් කළ මෙම ඉල්ලීම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත ඉටුකිරීමට හැකි වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව මෙම දීමනාව මුදල් අමාත්‍යාංශයට වැය බරක් නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරන ලද මුදලින්ම ආවරණය වන පරිදි ලබාදීමට නියමිතය.
