ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කළේ ජනතා විමුක්ති පෙරමුණ බව එහි දේශපාලන මණ්ඩල සභික K.D ලාල්කාන්ත මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති හෙයින් ඔහු අපරාධ නීතිය යටතේ වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, වසර මැද මූල්‍ය තත්ව වාර්තාව පිළිබඳ සභාව කල් තබන අවස්ථා විවාදයේදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,
“අපි තමයි පාර්ලිමේන්තුව වට කරන්න තීරණය කළේ.අපි තමයි පාර්ලිමේන්තුව අත්පත් කරගන්න සැලසුම් කළේ. අපි තමයි ජනතාවට පාර්ලිමේන්තුවට එන්න කිව්වේ. හැබැයි අරගලයේ හිටපු සමහරු ඒක මගහැරිය නිසා අපිට මේ දේ කරගන්න බැරි වුණා කියලා ලාල්කාන්ත කිව්වා. එදා පාර්ලිමේන්තුව අත්පත් කර ගන්න ජවිපෙ අරගලකරුවන්ට හැකියාව ලැබුණානම් අද ලංකාවේ ඇතිවෙන්නේත් බංගලා දේශයේ තත්වයමයි.එහෙනම් තාමත් රට ගිනි ගන්නවා.
ලාල් කාන්ත මහතා යෝජනා කරන ආකාරයටම අන්න අද බංගලාදේශයේ මහපාරේ නඩුව අහනවා. නඩු අහලා මිනිසුන් මරා දමනවා. අද බංගලාදේශය අරාජික වෙලා රටම ලේ ගංගාවක් බවට පත්වෙලා. රටම මිනී කඳුවලින් ගොඩ ගැහිලා.
එවැනි තත්වයක් ලංකාවේ ඇති කරන්න අපිත් කටයුතු කරමින් සිටියා කියලා ලාල්කාන්ත ප්‍රකාශ කරනවා.මේ බොහ අනුර එක්ක ඩීල් එකක් නැත්නම් දැන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අපරාධයක් කිරීම වගේම අපරාධයක් කිරීමට තැත් කිරීමත් වරදක්. ඔවුන් පාර්ලිමේන්තුව අත්පත් කරගෙන විනාශයක් කිරීමට සූදානම්වූ බව පවසනවා. අනිත් කට්ටිය වගේ නෙවෙයි ලාල් අවංක මනුස්සයා. ඇත්ත කියනවා. හිතේ තියෙන දේ කියනවා. මේ අවස්ථාවේදීත් ඇත්ත කියලා තියෙනවා. පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට සැලසුම් කළා කියලා අැමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට නීතිය ක්‍රීයාත්මක වුණා නම් ආණ්ඩුව දැන් ලාල් කාන්ත අත්අඩංගුවට ගත යුතුයි“


