ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, තෝරයඩි කලපුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රත්‍රං කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 740ක් අඩංගු පාර්සලයක් සොයාගෙන තිබේ.
මෙම රත්‍රං තොගය ජාවාරම් කිරීමට යොදාගත් බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් තෝරයාඩි වෙරළ ආසන්නයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික අංශ විශ්වාස කරන්නේ ජාවාරම්කරුවන් විසින් රත්‍රං පාර්සලය පසුව එය ලබා ගැනීමට, සිතාමතාම කලපුවේ ගිල්වා දමන්නට ඇති බවයි.
ඒ අනුව සොයාගත් රත්‍රං සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.
මෙම රත්‍රං තොගයේ වෙළඳපොළ වටිනාකම ලක්ෂ 1,000කට අධික බව සඳහන්.


