Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වයස අවුරුදු 02 ක දැරියකට බරපතල ලිංගික අතවර කළ මිනිස් වෙස්ගත් නරුමයා

2 years ago

වයස අවුරුදු 02 මාස 05 ක දැරියකට බරපතල ලිංගික අපයෝජනය සිදු කිරීමක් සම්බන්ධ සැකකරුවකු අළුබෝමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 42 ක් වයසැති අරුක්ගොඩ අළුබෝමුල්ල ලිපිනයේ පදිංචිකරුවකු වන බවයි පොලිසිය සඳහන් කළේ.

දැරියගේ මව සහ පියා ඔවුන්ගේ යහළුවකු සමඟ ඡායාරූප ගැනීම සඳහා අළුබෝමුල්ල ප්‍රදේශයේ ස්ථානයකට ගොස් ඇති බවත් එම අවස්ථාවේ කුඩා දැරිය නිදා සිටි බැවින් කාර් රථයට තුළ දැරිය දමා ගොස් ඔවුන් ඡායාරූප ගෙන තිබෙන අතර එම අවස්ථාවේදී සැකකරු වන යහළුවා විසින් දැරියට මෙම අපරාධය සිදු කර ඇති බවයි සිදු කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

වැඩිදුර විමර්ශන අළුබෝමුල්ල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.