Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමාත්‍යවරුන් අට දෙනෙකු ඉල්ලා අස්වීමට සැරසෙයි! නම් ලැයිස්තුව මෙන්න!

2 years ago

ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු සිය අමාත්‍ය ධුර වලින් ඉවත්වීමේ සූදානමකින් පසුවන බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

එම මන්ත්‍රීවරුන් අටදෙනාම රාජ්‍ය අමාත්‍ය ධූර දරන අතර ඔවුන් සියලු දෙනාම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා නොදීමට තීරණය කර ඇති බව සඳහන්.

එම පිරිස අතර රාජ්‍ය ඇමැතිවරුන් වන ඩී. වී චානක, තේනුක විදානගමගේ, ශෂින්ද්‍ර රාජපක්ෂ අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත් යන අමාත්‍යවරුන් සිටින බවයි වාර්තා වන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන පාර්ශ්වය විසින් මොවුන් අමාත්‍ය ධූරවල රැඳී සිටීමට එරෙහිව පසුගිය දිනවල දිගින් දිගටම විවේචන එල්ල කළේය.