Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හරීන් වෙනුවට හිරුණිකා පත් කිරීමට එරෙහිව ප්‍රබල මාධ්‍ය නාලිකාවකින් දැඩි විරෝධයක්

2 years ago

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසිවීමෙන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවට යැවීමට සූදානමක් පවතින බව වාර්තා වනවා.

අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයත් සමඟ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හරීන් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයද අහෝසිවී යනු ඇති.

කෙසේවෙතත් මේ වන විට සමගි ජනබලවේගය පක්ෂයට සහය දක්වන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක හිමිකරුවෙකු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ පත් කිරීමට විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.